General08 December 2025

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සබරගමුව, දකුණ යන පළාත්වල මෙන්ම කොළඹ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, දිවයිනේ සියලු‍ම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය මට්ටමක් කරා පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් තවදුරටත් නොපවතින බවයි.
Related recommendation
Hiru TV News | Programmes