වසර 13ක් තිස්සේ අතුරුදහන් බවට සැලකුණු එයාර්ඉන්දියා ගුවන් සේවයට අයත් බෝයිං මගී ගුවන් යානය හමුවී තිබෙනවා.
ඒ කොල්කටා ගුවන්තොටුපළේ දුරස්ථ ස්ථානයක නවතා තිබියදීයි.
2012 වසරේදී කොල්කටා ගුවන් තොටුපළේදී අස්ථානගත වූ මෙම යානය පිළිබඳ තොරතුරු එයාර් ඉන්ඩියා වාර්තාවලින් සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණා.
මෙය අවුරුදු 43ක් පැරණි, ටොන් 30ක් බර සහ මීටර් 30ක් දිග බෝයිං 737-200 වර්ගයේ යානයක්.
යානය වසර 13ක් තිස්සේ ගුවන් තොටුපළේ නවතා තැබීම වෙනුවෙන් එයාර් ඉන්ඩියා සමාගමට ඉන්දියන් රුපියල් මිලියන 10ක දඩයක් ගෙවීමට සිදු වනවා.
කාර්ය මණ්ඩල වෙනස්වීම් සහ වාර්තා තැබීමේ දුර්වලතා හේතුවෙන් මෙම යානය පිළිබඳ දත්ත නිල ලේඛනවලින් මග හැරී තිබුණා.
මුලින් ඉන්දියන් එයාර්ලයින්ස් සතු වූ මෙය, පසුව ඉන්දියානු තැපැල් සේවයට බදු දී තිබූ අතර 2012 දී සේවයෙන් ඉවත් කර තිබෙනවා.
මීට සති දෙකකට පෙර මෙම යානය පාර මාර්ගයෙන් බැංගලෝරය වෙත ප්‍රවාහනය කර තිබෙනවා.
එය දැන් ගුවන් කාර්ය මණ්ඩලයේ ගොඩබිම් පුහුණු කටයුතු සඳහා භාවිතා කිරීමට නියමිතයි.
පසුගිය වසර 5 තුළ කොල්කටා ගුවන් තොටුපළෙන් ඉවත් කරන ලද 14 වැනි අතහැර දැමූ යානය මෙයයි.
තවත් ATR-72 වර්ගයේ අයිතිකරුවන් නොමැති යානා දෙකක් (2) වසර 5ක පමණ සිට එම ගුවන් තොටුපළේම පවතිනවා.
Latest News
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
කළුබෝවිල අවිශ්කගේ ගෝලයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සහ ගිනි අවි සමග STF දැලේ
ඇසට සවියක් ඉගෙනුමට ශක්තියක් - සරසවි සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි
ගේම් එක ඩිජිටල්... සවුන්ඩ් ට්‍රැක් එක ෆිසිකල්: GTA 6 රසිකයින් අතර දැඩි සංවාදයක්
එංගලන්තයේදී සිංහයන් 'පූස් පැටවුන්' වෙයි: අඛණ්ඩ 15 වන T20 පරාජයත් සමග ශ්‍රී ලංකාව අසරණයි
රන්වේ විරෝධතාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු CFDA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
"ඔහුට ඕන වුණේ මුළු මාධ්‍ය කණ්ඩායමම එළවන්න" : මාධ්‍ය ආයතන තහනම් කළ ට්‍රම්ප්ගේ තීරණයට හිටපු ධවල මන්දිර මාධ්‍ය ලේකම්ගෙන් හෙළිදරව්වක්
අවසන් පන්දුවාර 20 තරගයේදී ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ලකුණු 125ක ඉලක්කයක්
බකමුණේදී සමගි ජන බලවේගයේ පාක්ෂික දැනුවත් කිරීමේ වැඩමුළුවක්