සැතපුම් දහස් ගණනක් පුරා සාම පාගමනේ නිරත බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමගින් ගමනේ යන ලොවක් ආදරය කරන ‘ආලෝක’ට සිදුකළ පාදයේ සැත්කම සාර්ථක වී තිබෙනවා.
මේ වනවිටත් සාම පාගමනේ දින ගණනාවක් පසුකර ආ ආලෝකගේ පාදයේ සැත්කම කර තිබුණේ ඊයේ(12) දිනයේදීයි.
මෙම සැත්කම සඳහා මුලින් පැය 2ක් හෝ 3ක් ගතවනු ඇතැයි අනුමාන කර තිබුණා.
නමුත් එය පැයක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත් වී තිබෙනවා.
මේ වන විට අලෝක දැඩි වෛද්‍ය අවධානය යටතේ විවේක ගනිමින් සුවය ලබමින් සිටින බව සඳහන්.
සැත්කමට පෙර, ඉතා දක්ෂ පශු වෛද්‍ය කණ්ඩායමක් විසින් අලෝකව ප්‍රවේශමෙන් සූදානම් කර තිබුණා.
ඒ අනුව සැත්කම සිදුකිරීමේදී ඔහුට කිසිදු වේදනාවක් නොදැනෙන සේ සුවදායී ගැඹුරු නින්දකට (නිර්වින්දනය) පත්කිරීමට ඔවුන් කටයුතු කළා.
අලෝකගේ පාදය සුව කිරීම සඳහා විශේෂඥයන් කටයුතු කරන අතරතුර ඔහු ඉතා සන්සුන්ව සිටීම සැමට විශාල සහනයක් වී තිබුණා.
Charleston Veterinary Referral Center (CVRC) හි වෛද්‍ය කණ්ඩායම දැක්වූ කරුණාව සහ කැපවීම භික්ෂූන්වහන්සේලා මෙහිදී විශේෂයෙන් අගය කර තිබෙනවා.
මෙහි ඇති විශේෂම කරුණ නම්, මෙම වෛද්‍ය කණ්ඩායම සිය වෘත්තීය සේවාවන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමයි.
මෙම කණ්ඩායමට ශල්‍ය වෛද්‍ය පැට්‍රීෂියා සූරා හෘද රෝග විශේෂඥ සහ වෛද්‍ය අධ්යක්ෂ සොෆී ජෙස්ටි, නිර්වින්දන වෛද්‍ය එමෙට් ස්වන්ටන් සහ බේට්ස්බර්ග්-ලීස්විල් සත්ව රෝහලේ ප්‍රධාන වෛද්‍ය ඒමි වැග්නර් ඇතුළත්.
මීට අමතරව, ප්‍රවාහන සම්බන්ධීකාරක රොන්ඩා හොලිමන්, භාරකරු ලුවී හායි තායි ශල්‍ය හෙදිය ටිෆනි සහ සහායිකා ලෝරන් ද ඊට දායක වී තිබුණා.
අලෝක මේ වන විට ඉතා හොඳින් සුවය ලබමින් සිටින අතර, හැකි ඉක්මනින් ඔහු නැවතත් භික්ෂූන් වහන්සේලා වෙත යොමු කිරීමට නියමිතයි.
ඉන්දියාවේ වීදියක අසරණව සිටි සුනඛයෙකු වූ ආලෝක මීට පෙර මෙම භික්ෂූන් වහන්සේලා සිදුකළ දීර්ඝ පාගමනකදී හමුවී උන්වහන්සේලා සමඟම සිටියා.
හ්ඔන්ග් ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධාන කළ, ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් හරහා කිලෝමීටර් 3,700ක් පමණ දුරක් ආවරණය කරන මෙම 'සාමය උදෙසා පාගමනට’ අරමුණ වන්නේ ඇමරිකාව සහ මුළු ලෝකය පුරාම සාමය, කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ දැනුවත්භාවය පැතිරවීමයි.
පසුගිය ඔක්තෝබර් 10 වනදා ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පාගමනට වොෂින්ටන් ඩී.සී. වෙත ළඟා වීමට දින 120ක් ගත වන බවට මීට පෙර අනුමාන කර තිබුණා.
මෙම ගමන පුරාවට ආලෝක ද භික්ෂූන් වහන්සේලා සමගින් පාගමනේ යෙදුණා.
'Aloka -The Peace Dog' ලෙස හඳුන්වන ඔහුට මේ වනවිට 244,000ක අනුගාමිකයින් පිරිසක් සිටින ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සහ ලක්ෂ 6ක් සිටින ෆේස්බුක් ගිණුමක් පවා තිබෙනවා.

Latest News
කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර මට්ටමේ: සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
පාකිස්ථානය දණගස්වමින් සිංහධේනුවෝ ආසියානු රන් පදක්කම් සටනට!
Local
20 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට: අමාත්‍ය සුසිල් රණසිංහ
Local
20 September 2026
මහනුවර පස්බාගේ කෝරලේ ප්‍රා. ලේ. කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත් බිම් ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
Local
20 September 2026
ග්‍රීන්ලන්තය සම්බන්ධ ට්‍රම්ප්ගේ ගිවිසුම ගැන ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය කොළ එළි දල්වයි
Local
20 September 2026
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
Local
20 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී. 100 ඉක්මවූ තද වැසි
Local
20 September 2026
තායි කතුන් 3ක් මත්ද්‍රව්‍ය සමග බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
Local
20 September 2026
2026 ලොව හොඳම ගුවන් සේවය ලෙස සිංගප්පූරු ගුවන් සේවය සම්මානයෙන් පිදුම් ලබයි
Local
20 September 2026
ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි තුනක්: කටාර් හරහා ට්‍රම්ප්ට දැනුම් දෙයි
Local
20 September 2026