පොදු දේපල පනත යටතේ චෝදනා නගා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් මස 29 තෙක් කල් තැබූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හිටපු ජනපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර අධිකරණයට වාර්තා කරන ලෙසට නීතිපතිවරයාට අද (28) නියෝග කළා.
ඒ, මෙම නඩුව අද (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියේ පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ යන අය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු මසක් තුළ අවසන් කර ලබන මාර්තු මස චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ අනුව අදාල විමර්ශන අවසන් කොට චෝදනා ගොනු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නිතිපතිවරයාට නියම කළා.
එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ ලන්ඩන් නුවර වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විමර්ශනයට අදාල සියලු ප්‍රකාශ ලබාගන්නා ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
එසේම, සිද්ධියට අදාල සියලුම සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ලබන මාර්තු මාසය තුළ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් එසේ නොමැති නම් ඒබැව් අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාලව විදේශ තානාපති කාර්යාංශයෙන් ලබා ගන්නා ලද ප්‍රකාශවලට අනුව මෙය නිල සංචාරයක් නොවන බවත් පෞද්ගලික සංචාරයක් වන බවට සනාථ වන බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.
මෙහි දෙවැනි සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.
Latest News
වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලයේ අස්ථානගත වූ රුපියල් ලක්ෂ 21ක මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක්
Local
23 September 2026
විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයන් හමුවෙයි – 2027න් පසු ආර්ථිකය ගැනත් සාකච්ඡා
Local
23 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
Local
23 September 2026
IMF හත්වන සමාලෝචනය සාර්ථකයි: ඉදිරි ප්‍රතිපත්ති ගැන සාකච්ඡා තවදුරටත්
Local
23 September 2026
සුගීෂ්වර බණ්ඩාර ලබන 7 තෙක් යළි රිමාන්ඩ්
Local
23 September 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Local
23 September 2026
ට්‍රම්ප් සහ වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති අතර හමුවක්
Local
23 September 2026
කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථයත් සමග අතුරුදන්
Local
23 September 2026
නාමල් අදත් අධිකරණයට
Local
23 September 2026
අනුරාධපුරේ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක ජල කප්පාදුවක්
Local
23 September 2026