මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල ක්‍රියාත්මක වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.
විදේශගතව සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ හෙවත් ‘ඇල්ටෝ ධර්මේ’ නමැත්තා මෙහෙයවන මෙම කල්ලිය, ඔහුගේ සමීපතමයෙකු වන ‘දුමිඳු’ නමැත්තාගේ උපදෙස් මත ක්‍රියාත්මක වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු 3ක්, රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිස් විමර්ශනවලට අනුව, මෑත කාලයේදී මොරටුව, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශවල සිදුවූ දරුණු ආයුධ ප්‍රහාර රැසකට මෙම කල්ලිය සම්බන්ධ වී ඇති අතර, ඇල්ටෝ ධර්මගේ ප්‍රතිවාදී කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මාරාන්තික තුවාල සිදුකිරීම සහ පසුගිය 26 වැනිදා මොරටුව එල්ලුනාව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී බරපතල තුවාල සිදුකිරීමද ඇතුලත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Latest News
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි: සම්මත කිරීමට සරල බහුතරය ප්‍රමාණවත්
Local
22 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූලයි: සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විමසුමක් ඕනෑ
Local
22 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක පවසයි: සම්මත කිරීමට තුනෙන් දෙකේ බහුතරය ප්‍රමාණවත්: ජනමත විමසුමක් අවශ්‍ය නෑ
Local
22 September 2026
පාස්කු නඩුවේ විත්තිකරුවන් අධිකරණයට රැගෙන එයි
Local
22 September 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
Local
22 September 2026
චමරිලාගේ රන් සටන අද
Local
22 September 2026
UN මහා මණ්ඩල සැසියට ඉරාන විදේශ ඇමැති නිව්යෝර්ක් නුවරට
Local
22 September 2026
රාජ්‍ය අනුග්‍රහයෙන් 'Trump TV' සජීවී නාලිකාව ආරම්භ කෙරේ
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව අද
Local
22 September 2026
පළාත් කිහිපයකට මි.මී. 100ක තද වැසි
Local
22 September 2026