විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් සීදූව ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව රේන්බෝ නෙක්සස් (Rainbow Nexus) නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් සැකකරුවන් මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම සැකකාරිය විසින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 40ක් වංචා කර ඇති බවට ලද පැමිණිලි 12ක් මත විමර්ශන ආරම්භ වූ අතර, ඇය වසරකට අධික කාලයක් විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟවී සිටි බවයි එම කාර්යාංශය පවසන්නේ.
අදාළ සැකකාර කාන්තාව සීදූව ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ තම නිලධාරීන් ඇය සමඟ මෙම වංචාවට සහාය වූ ඇගේ සැමියාවද අත්අඩංගුවට ගන්නා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රැකියා ලබාදීමට අදාළ වංචනික ගිවිසුම් 200ක්, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ ලිපි සහ එක්ස්-රේ (X-Ray) වාර්තා 300ක්, ජාවාරම සඳහා යොදාගත් ප්රචාරක පත්‍රිකා රැසක් සොයා ගත් බවද එම කාර්යාංශය පවසනවා.
සීදූව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහා පරිමාණ ජාවාරම සිදුකර ඇති බවත් මොවුන් සිදු කර ඇති මුළු වංචාවේ අගය රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවත් විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසනවා.
සැකකරුවන් දෙදෙනා හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහගේ අධීක්ෂණය යටතේ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අමිතා කුමාරි සහ ශ්‍රීනිකා කරුණාරත්න යන නිලධාරීන් මෙම වැටලීමට සහභාගී වුණා.
Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026