General23 June 2026

ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්

ඩෙංගු රෝගීන් වාර්තා වීම තවදුරටත් ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකාරණය කර ගැනීමේ නොහැකි තත්ත්වයක් උද්ගතවන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් අනතුරු අඟවනවා.

ගිය වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව අනුව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවීන ඉතා ඉහළ මට්ටමක පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ගිය වසරේ ජූනි මාසයේ ඩෙංගු රෝගීන් 5,466ක් වාර්තා වී ඇති අතර, මේ වසරේ ජූනි මාසය තුළ මේ දක්වා (ජූනි 21 දක්වා) රටපුරා ඩෙංගු රෝගීන් 13,338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

මෙලෙස ඩෙංගු රෝගීන් වාර්තාවීම දිගින් දිගටම ඉහළ ගියහොත්, රෝහල්වල පවතින පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම බරපතල ගැටළුවකට ලක්වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes