නීතිඥ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කර නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (16) තීන්දු කළා.
අධිකරණ නියෝගයක් උල්ලංඝනය කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඇයට වසරක අත්හිටවූ සිරදඬුවම් නියම කෙරුණා.
ඒ අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටුවීමට නියම කළ අතර රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙසද නියම කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් ඒ වෙනුවෙන් අමතර මාස හයක සිර දඬුවම් නියම කෙරුණා.
අදාල චෝදනාවලට තමන් වරදකාරිය බවට එම තැනැත්තිය පිළිගැනීමෙන් අනතුරුවයි මෙම දඬුවම් නියම කළේ.
එම තැනැත්තියට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන එකඟත්වය ඇතිව නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
එහිදී ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළා.
මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කළ අතර, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ හා ඇඟිලි සලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙසද ඇයට නියම කෙරුණා.
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණ කාර්යාලයේ තිබූ නඩු ගොනුවක් ලබාදීම කාර්යාලයේ සේවකයින් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී 2023 වසරේ ජූලි මස 27 දින එය බලහත්කාරයෙන් උදුරා ගෙන එහි තිබූ අත් අකුරු පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වන ලේඛනයක් කටේ දමා හපා විනාශ කළ බවට නීතීඥවරියට එරෙහිව චෝදනා කර තිබුණා.
මෙකී සිද්ධිය මගින් අදාළ නීතීඥවරිය විසින් නීතිඥභාවයේ ආචාර්ය ධර්ම උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම නීතිඥවරියටම විරුද්ධව අපරාධ නඩුවක්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බව එහිදී සඳහන් කෙරුණා.
එම පැමිණිල්ල ප්‍රකාශ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නීතිඥ භාවය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළා.
එලෙස නීතිඥභාවය අත්හිටුවා තිබියදීත් එම වෘත්තියේ කටයුතු කරමින් සේවා දායකයින්ගේ මුදල් ලබා ගැනීම සිදුකළ බවට කැකිරාව නීතිඥ සංගමය විසින් ඇයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට පිටවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ද මීට පෙර නිකුත් කර තිබුණා.

Latest News
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
Local
10 September 2026
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
Local
10 September 2026
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
Local
10 September 2026