මීතොටමුල්ල "පොතුවිල් කුඹුර" නමැති භූමියට නීතියට පටහැනි ලෙස කැලි කසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළා.
නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාළ භූමියට නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමාන ආරක්ෂාව පිළිබඳ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවයි.
2017 වසරේදී එම කුණු කන්ද පිපිරී යාමෙන් සිදු වූ මහා ඛේදවාචකයට මෙම නීති විරෝධී ක්‍රියාව සෘජුවම බලපෑ බවද අධිකරණය නිරීක්ෂණය කළේය.
ඒ අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාල ප්‍රදේශයේ නීතියට පටහැනි ලෙස කැලි කසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා.
ඊට අමතරව අදාළ ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට අවසර දීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකර ඇති බවත් තීන්දුවේ ප්‍රකාශ වුණා.
මෙම නීති විරෝධී කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම තුළින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
එහෙත් මෙම කැලි කසල කන්ද පිපිරියාමින් සිදුවූ ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908, 314,020.70 ක් වන්දි වශයෙන් ගෙවා ඇති නිසා මෙම නඩුකරවලට අදාළව වන්දි ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝග නිකුත් නොකරන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
කොළඹ මහනගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියා කලාපය හේතුවෙන් මෙවැනි බරපතල තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි විය යුතු බව සඳහන් කළ අධිකරණය මෙවැනි තත්ත්වයන් මතු සිදු නොවීමට වගබලා ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම නඩු තීන්දුවේ 116 වන පරිච්ඡේදයේ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු සිය නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා.
Latest News
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්‍රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026
ලෝක බොර තෙල් මිල තවත් පහළට
Local
23 June 2026
ජපානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මහා පරිමාණ ක්‍රිප්ටෝ වංචාව පිටුපස චීන ෆෙන්ටැනීල් ජාවාරම්කරුවන් සිටින බව හෙළි වෙයි
Local
23 June 2026
කළුතර හෝටලයකදී ලක්ෂ 10ක් අල්ලස් ගත් පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
Local
23 June 2026
සෙනගාලය සමග සටනින් නෝර්වේ පිලට ගෝල 3-2ක තියුණු ජයක්
Local
23 June 2026
ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු තද වැසි
Local
23 June 2026