රාගම ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව රාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා අද (20) නියෝග කළා.
එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකුයි මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකාරිය ඇතුළු පස් දෙනා තවදුරටත් එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියම කළා.
මෙහිදි රාගම පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේ,
''මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මීට ආධාර හා අනුබල දීම මත එම වෙළෙඳසලේ තවත් සේවකයින් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සිද්ධිය විඩියෝ කළ ජංගම දුරකථනය අත්අඩංගුවට ගත්තා. නමුත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙළෙඳසලේ සී.සී.ටී.වී.කැමරාවල රූපරාමු නිරීක්ෂණය කිරීමට තිබෙනවා. තවම මෙහි විමර්ශන අවසන් නැහැ.'' යනුවෙන්.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින්,
''මීට අදාළ සිදුවීම සුළු සිදුවීමක් වෙනවා. ඒ නිසා එයට ඇප ලබා දිය හැකියි. මේ සිද්ධියට මුහුණ පෑ කාන්තාව එම වෙළෙඳසලේ භාණ්ඩ සොරකම කළ තැනැත්තියක් වෙනවා. ඒ නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයින්ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.''
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සුදර්ශන වික්‍රමරත්න විසින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ,
''අදාළ සිදුවීම සුළු කරුණක් නෙමෙයි. කාන්තාවගේ කොණ්ඩය කැපීමෙන් පසුව කොණ්ඩය වැවීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. පිරිමියෙකුගේ වගේ නොව කාන්තාවකගේ කොණ්ඩය කැපුවාම ඇය සමාජයේ ප්‍රශ්න කිරීම්වලට පවා මුහුණ දීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඇය භාණ්ඩ සොරකම් කළා නම් එම භාණ්ඩ ඇය ළඟ තිබෙන්නට ඕන. ඇය ළඟ නැහැ. එහෙම නම් ඇය භාණ්ඩ සොරකම් කරලා නැහැ. සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් මහජන කැළඹිලි ඇති වන්නට පවා ඉඩ තිබෙනවා.''
දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකාරිය හා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
රාගම පොලිසිය විසින් මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන රාජිකා සිල්වා, සුගත් තල්වත්තේගෙදර හා පී.රණගල පිරිසක් පෙනී සිටියා.

Latest News
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026