මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් ගිණුමට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය කාලය වෙන්කර ගැනීමේ ගැටලුවක් හේතුවෙන් මීළඟ පාර්ලිමේන්තු සතියේදී ලබා දීමට සභානායකවරයා කැමැත් පළකර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පවසනවා.
මෙම සතිය පාර්ලිමේන්තුවට ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට අමතරව වියට්නාම් ජනපතිවරයා 08 වැනි දින පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් ඔහු පැවසුවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ ස්ථාපිත කර වසර 44 ක් සපිරීම නිමිත්තෙන් අද (30) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කතානායකවරයා එසේ පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා මෙසේ ද සඳහන් කළා.
“මේ සම්බන්ධ විවාදයක් සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසියේදී කාලය වෙන් කිරීමට සභානායකවරයා කැමැත්ත පළකර තිබුණා. මේ සතිය පාර්ලිමේන්තුවට ඉතාම කාර්යබහුලයි.
පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව අපි දැඩිව ඉන්නවා. පාර්ලිමේන්තුවට උචිත නොවන කතා පාර්ලිමේන්තුව තුළ සිදු කරන අවස්ථා අපි දකිනවා. ඒවා බොහෝ අවස්ථාවල හැන්සාඩ් එකෙන් ඉවත් කරනවා. පාර්ලිමේන්තු සභාවාර විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය කරන නිසා ජනතාව මේ කතා දකිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු උගත් මෙන්ම බුද්ධිමත් ලෙස හැසිරෙන්න ඕන. මේ නොමනා කතාවලින් මහජන නියෝජිතයින් පෙන්නුම් කරන්නේ තමන්ගේම හැදියාව සහ බුද්ධ මට්ටමේ තරමයි. තමන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව මේ අය තේරුම් ගන්න ඕන.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා ගිනි අවියක් ඇතැතිව නීති විරෝධී වැඩකටයුත්තක නියැලී තිබෙන බවට පොලිස්පතිවරයා මාව දැනුවත් කළා. නීතිය සෑම කෙනෙකුටම සමානයි. අවි අයුධ අතට ලැබුණා කියලා ඒ විදිහට හැසිරෙන්න මන්ත්‍රීවරුන්ට තබා කිසිවෙකුටත් හැකියාවක් නැහැ. ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.අපිත් පෙලීසියෙන් හා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නීතිය සියලු දෙනාට එකහා සමානව ක්‍රියාත්මක කරන්න කියලයි.
වංචා හා දූෂණ සම්බන්ධ සොයා බලන්න පාර්ලිමේන්තුව තුළ කෝප් කමිටුව, කෝපා කමිටුව වැනි ව්‍යුහන් තියෙනවා. ඇමැතිවරු හා මන්ත්‍රීවරු මේවාහි සාමාජිකයින් ලෙස කටයුතු කරනවා. යම් වංචාවක් සම්බන්ධ සැකයක් තිබෙනවා නම් මේ කමිටුවලට වාර්තා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරලා සාකච්ඡාවට භාජනය කරන්න හැකියාව තිබෙනවා.
දූෂණ හා වංචා සොයා ගනු ලැබූවත් අධිකරණ නියෝග ලබා ගැනීමේ හැකියාවක් නැහැ කියලා කෝප් හා කෝපා කමිටුවලට චෝදනා එල්ල වුණා. අපි ස්ථාවර නියෝග වෙනස් කරමින් මේ කමිටුවලට වංචා හා දූෂණ සිදුව තිබෙන බවට හැගුණ මොහොතේම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න පසුබිම සකස් කළා.
ඉදිරියේදී මෙම කමිටු මගින් වඩා සක්‍රීය මට්ටමින් මෙම කටයුතු සිදුවෙයි කියලා මම විශ්වාස කරනවා.”
Latest News
හබරාදූවේ දුම්රිය අනතුරක්
Local
30 April 2026
ඩොලර් මිලියන 2.5ක වංචාව පිළිබඳ විවාදයට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉඩක්
Local
30 April 2026
මැයි දින පෙළපාලි හෙට දිවයින පුරා
Local
30 April 2026
වසර දෙකකට පසු මෙරට උද්ධමනය ඉහළම අගයට: අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙස වාර්තා වෙයි
Local
30 April 2026
මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්
Local
30 April 2026
කොස් ගසෙන් වැටී අයෙක් මරුට
Local
30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි
Local
30 April 2026
කමාන්ඩෝ සලින්ත ලබන 7 දක්වා යළිත් රිමාන්ඩ්
Local
30 April 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
Local
30 April 2026
කල් ඉකුත් වු ළදරු කිරිපිටි පැකට් අලෙවි කළ පුද්ගලික ෆාමසියක හිමිකරුවෙකුට දඩ
Local
30 April 2026