වතුර බෝතල් විකුණන මුවාවෙන් මිලි ලීටර් 375 බෝතල්වල නීතිවිරෝධී මත්පැන් පුරවා, සීල් කර විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා.
මහර, දලුපිටිය ප්‍රදේශයේ නිවෙසක පෙරේදා (28) සිදු කළ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇතැයි සුරාබදු ඒකකය පවසනවා.
එහිදී වතුර බෝතල් ලෙස පෙනී යන අයුරින් සකස් කර තිබූ, කසිප්පු පිරවූ මිලි ලීටර් 375 බෝතල් 28ක් අත්අඩංගුවට ගත් බවයි සුරාබදු ඒකකය සඳහන් කළේ.
එහි තිබූ මුළු මත්පැන් ප්‍රමාණය මිලි ලීටර් 10,500ක් බවයි සුරාබදු විශේෂ මෙහෙම් ඒකකය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම උපක්‍රමශීලී ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සොයා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. ඒ. එන්. පේමරත්නගේ නියෝග මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුමාර රාජපක්ෂ සහ සුරාබදු අධිකාරී පී. එන්. හේමන්ත යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කෙරිණා.
දීප ව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායකගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක දිසානායක, සැරයන් අනුර, කෝප්රල් රත්නායක (669), නියාමකවරුන් වන දුලාන් (694), පැතුම් (1198) සහ රියැදුරු දුමින්ද යන නිලධාරීහු මෙම වැටලීමට එක්වුණා.
Latest News
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
17 July 2026
නවගමුව වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයා මරුට
Local
16 July 2026
මීගමුව බන්ධනාගාරයේ CCTV කැමරා පද්ධතිවල DVR මොරටුව සරසවියට භාරදෙයි
Local
16 July 2026
නවගමුවේ වෙඩි තැබීමක්
Local
16 July 2026
සනීපාරක්ෂක තුවා සඳහා SLS ප්‍රමිතිය අනිවාර්ය කෙරේ: පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ ගැසට් නිවේදනයක්
Local
16 July 2026