General06 May 2026

අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස්

හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු නිදහස් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කර තිබෙනවා.

හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් 2025.07.12 වන දින එහි සේවකයන් දෙදෙනෙකුද සමග අත්අඩංගුවට ගැණුනු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව කුරුළු උයනේ හිමිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව සැකකරුවන් ඇප මත නිදහස් කෙරුණු අතර ඊට අදාළ නඩු විභාගය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණා.

ඒ අනුව ඊට අදාල මහේස්ත්‍රාත් පරික්ෂණය අද (06) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වු අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අදාල පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බවට අධිකරණය හමුවේ කරුණු සැළකර සිටිමත් සමග මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව අධිබැළැති යතුරුපැදි 21ක් මෙරටට ගෙන්විම,සන්තකයේ තබා ගැනිම හා එකලස් කිරීම ඇතුළු චෝදනා යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනාවලින් ප්‍රධාන සැකකරු වු කුරුළු උයනේ හිමිකරු ,ගබඩා පාලකවරයා හා තවත් සේවකයෙකු මෙලෙස නිදහස් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes