ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව, එහි සේවය කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්යවරියකගේයි.
රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම ඇතුළු විෂමාචාර ක්‍රියාවන් කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය අප්‍රේල් මස 09 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුර, ත්‍රිකුණාමලය මහ රෝහලේදී සිදුවූ දරු ප්‍රසූතියකදී බිළිඳෙකු මියගොස් තිබුණා.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැත්වූ මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ, එස්. තිලක්ෂිකා නමැති මවගේ ප්‍රසූතිය සම්බන්ධයෙන් සූතිකාගාරයේ සිට අවස්ථා හයකදී දුරකථනයෙන් දැනුම් දී තිබුණද, අදාළ වෛද්‍යවරුන් දෙදෙනා සූතිකාගාරයට පැමිණ නොමැති බවයි.
මෙම සේවය අත්හිටුවීමට එරෙහිව ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරුන් අද (11) වැඩ වර්ජනයක නිරත වන බවට රාවයක් පැතිර ගියද, එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සදමාලි සමරකෝන් පැවසුවා.
අද (11) දින රෝහලේ සියලු සායනික හා ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ බවද රෝහල් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
Latest News
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026
අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් තවදුරටත් ප්‍රතිප්‍රහාර
Local
17 July 2026
මත්තල බිලියන 04ක් පාඩුයි!: ජනපති හමුවේ හෙළිවෙයි
Local
17 July 2026
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026