General14 May 2026

බැසිල්ගේ යැයි කියූ මල්වානේ ඉඩම සහ නිවස ඉල්ලා අන්තරේ උද්ඝෝෂනයක

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ඉඩකඩ සීමිත වීමේ ගැටලුවට විසඳුම් ලෙස, හිමිකරුවෙකු නොමැති බව පැවසෙන මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහ නිවස වහාම උසස් අධ්‍යාපන කටයුතු හා පොදු ජනතා පරිහරණය සඳහා පවරා ගන්නා ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) දින විරෝධතාවක නිරත වුණා.

අද දහවල් මල්වානේ අදාළ ඉඩම පිහිටි පරිශ්‍රය අසලදී මෙම විරෝධතාව ආරම්භ කෙරූ අතර මෙහිදී අදහස් දැක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අවධාරණය කළේ, වත්මන් රජය බලයට පත්වීමේදී ජනතාවගෙන් සොරකම් කරන ලද දේපල යළි ජනසතු කරන බවට ලබාදුන් පොරොන්දුව වහාම ඉටුකළ යුතු බවයි.

පසුගිය කාලය පුරා විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ඉඩකඩ හිඟය පිළිබඳව බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලුව වෙනුවෙන් පසුගිය සති කිහිපය පුරා විරෝධතා පෝස්ටර් ව්‍යාපාර සහ සාකච්ඡා මාර්ග ඔස්සේ ක්‍රියා කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, එහි තීරණාත්මක පියවරක් ලෙසයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

Related recommendation
Hiru TV News | Programmes