General24 May 2026

ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර සඳහා නව යන්ත්‍ර 18ක්

ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාල ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වන විට රෝහල් පද්ධතියට එක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ මීට අමතරව එළැඹෙන මාසය තුළ තවත් යන්ත්‍ර 06ක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බවයි.

මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වන අතර මේ සඳහා රුපියල් මිලියන 72කට අධික මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වැය කර තිබෙනවා.

අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, මහනුවර, ගම්පහ, මාතර යන ශික්ෂණ සහ දිස්ත්‍රික් මහ රෝහල්වල මෙම යන්ත්‍ර ස්ථාපිත කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes