අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන රිමාන්ඩ් භාරයට පත්විමටත් පෙර මාර්තු මාසේ දවසක ඇප ගන්න අවශ්‍යයැයි තමාට පැවසු බව කපිල චන්ද්‍රසේනට ඇප ලබා දුන් පුද්ගලයෙකු වන ඉන්දික මනෝජ් රත්නායක නමැත්තා අද (26) අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා.
අබිරහස් ලෙස මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාල නඩුව අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා.සිද්ධියට අදාල සාක්ෂි මෙහෙයවීම කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා විසින් සිදු කරනු ලැබුවා.
ඉන්දික මනෝජ් රත්නායක නමැත්තා අධිකරණයට සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත් සාක්ෂි ලබා දෙනු ලැබුවා.
සාක්ෂිකරු : මම සොප්ලොජික් ආයතනයේ වැඩ කරනවා. අවුරුදු නවයක් දහයක් තිස්සේ මම කපිල චන්ද්‍රසේනව අඳුරනවා.
පොලිසිය : කොච්චර කාලෙක ඉඳන් කපිල චන්ද්‍රසේනව අඳුරනවද?
සාක්ෂිකරු : මං කපිලව මගේ ක්ලයන්ත් කෙනෙක් විදිහට අඳුරනවා.
පොලිසිය : කපිල චන්ද්‍රසේනට යම්කිසි සිද්ධියක් වුණා කියලා දැනගෙන හිටියාද?
සාක්ෂිකරු: බන්ධනාගාර ගතවෙලා හිටියා කියලා දන්නවා එයා(ර්) බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන්.
පොලිසිය: කපිල මහතා කවද්ද සාක්ෂිකරුට අවසානයට කතා කළේ?
සාක්ෂිකරු: මට හරියටම දිනයක් මතක නැහැ. මාර්තු 13 වගේ කාලයක තමයි. මම ග්‍රාම සේවක සහතිකය ලබා ගත්තේ ඇප තියන්න. හැබැයි එදා ඇප දෙන්න බැරි වුණා.
පොලිසිය: කොහොමද දැනගත්තේ කපිල මහතාට ඇප ලැබිලා කියලා.
සාක්ෂිකරු: එදා එසැණින් නිව්ස් ඇලට් එකක් ආවා. ඒකෙන් තමයි මම දැනගත්තේ. ඊට පස්සේ මං උදාර කියන ලෝයර් මහතාට කතා කරා. මං කිව්වා කපිල මහතාට ඇප දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මහතා කිව්වා එහෙනම් ග්‍රාමසේවක සහතික තියෙනවා නම් අරගෙන එන්න කියලා. ඊට පස්සේ මම අධිකරණයට ගියා අලුත් කඩේ.
පොලිසිය: ඊට පස්සේ මොනාද කරේ, කවුද හම්බවුණේ.
සාක්ෂිකරු: මම උසාවියට ගියා ශරීර ඇපයක් දුන්නා ලක්ෂ 100ක. ඊට පස්සේ
ඇප තියලා මං ආවා.
පොලිසිය: ඊට පස්සේ කොහෙද ගියේ, කවුරු හරි කැඳවීමක් කරාද සාක්ෂිකරුට.
සාක්ෂිකරු: නැවත කැඳවීමක් කරා අරවින්ද මහතාගේ ගෙදරට එන්න කිව්වා. ඒ 7 වෙනිදා. ඊට පස්සේ ලෝයර් හම්බවෙන්න අවශ්‍ය බව කිව්වා. මට වෙලාව මතක විදිහට 6.30ට වගේ.
පොලිසිය: අරවින්ද ද සිල්වා මහතාගේ ගෙදරට එනවිට ආයේ කවුද ඒ නිවසේ සිටියේ.
සාක්ෂිකරු: මං දැක්කා අරවින්ද ද සිල්වාගේ ගෙදරට ආවට පස්සේ ගේට්ටුව ඇරපු කෙනායි, කපිලයි ඉන්නවා.
පොලිසිය: ඒ වෙලාවේ කපිල කොහෙද හිටියේ.
සාක්ෂිකරු: මට හරියටම මතක නෑ. කපිල කතා කළා උඩ ඉඳන්ද කොහෙද, පස්සේ පහලට ආවා.
පොලිසිය: ඒ වෙලාවේ තවත් කවුරු හරි ඇවිත් හිටියාද?
සාක්ෂිකරු: පල්ලෙහාට ඇවිත් හිටියා. කට්ටියක්. ඒ අය ඇප වලට සම්බන්ධ වෙච්ච අය.
පොලිසිය: කවුද ඒ කට්ටිය
සාක්ෂිකරු: ඒ වෙලාවේ එතන හිටියේ මමයි කපිලයි, අරවින්දයි,අරවින්දගේ නෝනයි, ෆර්ඩි කියලා කෙනෙකුයි, ෂමිල් සහ ශාන්ත කියලා කෙනෙකුයි.
පොලිසිය : ෆර්ඩි කියන්නේ කවුද?
සාක්ෂිකරු: ෆර්ඩි කියන්නේ කවුද කියලා මං හරියටම දන්නේ නැහැ.
පොලිසිය: ඊට පස්සේ මොකද කළේ.
සාක්ෂිකරු : අරවින්ද ද සිල්වාගේ වාහනයෙන් ලෝයර් මහත්තයා හම්බෙන්න්න ගියා. අර කියපු කට්ටියත් එක්ක. රියන්සි අර්ස කුලරත්න කියන නීතිඥවරයෙක් හම්බෙන්න තමයි ගියේ. කොටහේන පැත්තේ ඔහුගේ කාර්යාලයට තමයි ගියේ. මං හරියටම දන්නේ නෑ තැන.
පොලිසිය : ලෝයර් හම්බෙන්න ගිහිල්ලා මොනාද කතා කළේ, කියලා සාක්ෂිකරුට ඇහුනද?
සාක්ෂිකරු : අරවින්ද ද සිල්වායි, ඔහුගේ නෝනයි එක්ක තමයි ලෝයර් කතා කළේ. මම ඒ කතා කරන ඒවා බලන් හිටියා විතරයි. නඩු කටයුතු සම්බන්ධව මම හරියටම දන්නේ නැහැ. රියන්සි කියලා ලෝයර් කෙනෙකුයි එයාගේ තවත් ලෝයර් කෙනෙක් වන උදාර කියලා කෙනෙක් හිටියා.
පොලිසිය: නීතිඥවරයා හම්බෙලා ඊට පස්සේ මොනාද කළේ?
සාක්ෂිකරු: ඊට පස්සේ අපි ඔක්කොම වාහනේ නැගලා නැවතත් අරවින්ද සිල්වා මහතාගේ ගෙදරට ආවා. ඊට පස්සේ කෑම හදලා තිබ්බා අපි ඔක්කොම කට්ටිය කෑවා.
පොලිසිය : කවුද ඒ වේලාවේ ගෙදර හිටියේ,
සාක්ෂිකරු : කපිල මහතා ජීප් එකේ ගියේ නෑ. ගෙදර හිටියා. ගෙදර අවාට පස්සේ තමයි අපි ඔක්කොම කෑම කෑවේ. ඒ වෙලාවේ කපිල මට කතා කළේ නෑ. වෙලාව දහයට විතර ඇති හරියට මතක නැහැ. මට කතා කළේ නැති වුණාට කපිල අපිත් එක්ක ටේබල් එකේ හිටියා. ඊට පස්සේ කෑම කාලා ෆර්ඩි පළමුව ගියා. ඊට පස්සේ ශාන්තයි අනිත් කෙනායි ගියා අවසානයට ගියේ මං.
පොලිසිය: ඊට පස්සේ කපිල මහතා ගැන ආරංචියක් ලැබුණද?
සාක්ෂිකරු: ඔහු ඊට පස්සේ උදෑසන මම මාධ්‍ය ඔස්සේ දැක්කා කපිල නැති වෙලා කියලා. උදේ 9-10ට විතර අරවින්දට කෝල් කළා. ඒ වෙලාවේ අරිවින්ද කිව්වා දැන් කතා කරන්න බැහැ පොලිසියෙන් ඇවිත් ඉන්නේ මං පස්සේ කතා කරන්නම් කියලා.
පොලිසිය: සාක්ෂිකරු ඊට පස්සේ කපිල මහතාව දැක්කේ කොහොමද?
සාක්ෂිකරු : ඊට පස්සේ මම අවසන් කටයුතු දවසේ ආවා බොරැල්ලේ කනත්තට
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුගෙන් මෙලෙස විමසා සිටියා.
අධිකරණය : සාක්ෂිකරු කිව්වානේ මාර්තු මාසේ දවසක ඇප ගන්න කපිල මහතා අවශ්‍යයි කිව්වා කියලා. ඒ කොහොමද කිව්වේ.
සාක්ෂිකරු : මට හරියටම මතක නෑ දුරකථනයෙන්ද හම්බවෙලා ද කියලා.
අධිකරණය: එතකොට ඒ වෙනකොට සැකකරු ඇප මතද හිටියේ රක්ෂිත බන්ධනාගාරගතවද?
සාක්ෂිකරු : මාර්තු මුල හෝ පෙබරවාරි අන්තිම මට හරියට මතක නෑ.රිමාන්ඩ් වෙන්න කලින් ඇප තියන්න ඕනි කියලා කපිල කිව්වා යනුවෙන් සාක්ෂිකරු අධිකරණයට සාක්ෂි ලබා දුන්නා.
සිද්ධියට අදාලව දහඅටවන සැකකරු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සීසීටීවී කැමරා සවිකරන ලද පුද්ගලයා වන ජයසුන්දර මුදිහන්සේලාගේ හේමන්ත සමන් කුමාර සාක්ෂි ලබා දෙනු ලැබුවා.
සාක්ෂිකරු : මම අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සිසිටිවි සවිකිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙන්නයි අද පැමිණියේ. මගේ බොස් මිස්ටර් කමලිසිරි මට යන්න කියලා කිව්වා. අරවින්ද ද සිල්වාගේ නිවෙසට 2021 වර්ෂයේ පැනල් කෝට් මාරු කරන්න තමයි කිව්වේ. පසුව කිව්වා කැමරා ටික ගලවලා අලුතින් කැමරා හයි කරන්න තියෙනවා කියලා. ඊට පස්සේ පරණ කැමරා ගලවලා අලුත් පොයින්ට් එකකුත් එක්ක සිසිටිවි කැමරා පහක් දැම්මා බුදු මැදුර ළඟට අලුතින් කැමරාවකුත් දැම්මා.
පොලිසිය : සාක්ෂිකරුට මතකද කොහෙටද සිසිටිවි කැමරා සවි කළේ කියලා.
සාක්ෂිකරු: පාර ගාව ගේට්ටුව දෙපැත්තෙයි , සයිට් ගේට්ටුව දෙපැත්තේයි බුදු මැදුර ගාවටයි තමයි දැම්මේ.
පොලිසිය : සාක්ෂිකරු පරීක්ෂා කළාද මෙම සිසිටිවි එකේ DVR එකේ දත්ත ගබඩා වෙනවද කියලා.
සාක්ෂිකරු: ඔව් DVR එකේ දත්ත ගබඩා වෙනවා කියලා ගෙදර හිටපු ප්‍රසන්න කියලා සේවකයෙකුට මම පෙන්නුවා.
පොලිසිය : සාක්ෂිකරු සිසිටිවි සවිකිරීමෙන් අනතුරුව නැවත කුමන කාරණාවකට හරි අරවින්ද මහතාගේ නිවසට ගියාද?
සාක්ෂිකරු : ඔව් 2024 වගේ මගේ බොස් කිව්වා DVR එකේ එලාම් එකක් එනවා කියලා අරවින්ද ද සිල්වා කෝල් කරලා කිව්වා කියලා. ඊට පස්සේ මම ගියා. ඒ වෙද්දි දත්ත රෙකෝඩින් වෙලා තිබ්බේ නැහැ. ඊට පස්සේ මගේ බොස්ගේ උපදෙස් අනුව මම චෙක් කළා. ඊට පස්සේ හාඩ්ඩිස්ක් එකේ රෙකෝඩින් වෙන්නේ නැහැ. කියලා මම මගේ බොස්ට කිව්වා. හාඩ්ඩිස්ක් එකට වොරෙනටි තිබ්බ නිසා වෙන එකක් මාරු කරලා ගෙනල්ලා දැම්මා.
පොලිසිය : ඊට පස්සේ දත්ත රෙකෝඩින් වුණාද?
සාක්ෂිකරු : ඔව් හැදුවට පස්සේ ආයෙත් දත්ත රෙකෝඩින් වුණා.
පොලිසිය: ඊට පස්සේ කුමන හෝ අවස්ථාවක සිසිටිවි පද්ධතිය ප්‍රසංස්කරණය කරන්නේ එන්න කියලා කිව්වද?
සාක්ෂිකරු: ඔව් ආයෙත් 2024 වර්ෂයේ මොනිටර් එක දෙපාරක් විතර මාරු කරා. ඩිස්ප්ලේ ගිහින් කියලා අරවින්ද මහතා අලුත් මොනිටර් එකක් ගෙනල්ලා තිබ්බා. ඒක සවි කළා.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුගෙන් මෙලෙස විමසා සිටියා.
අධිකරණය : අවසාන වශයෙන් මොනිටර් එක පරීක්ෂා කළා කියලා සාක්ෂිකරු කිව්වනේ.ඊට පස්සේ ඩී.වී. ආර් එකේ රෙකෝඩින් වැඩ තිබ්බාද?
සාක්ෂිකරු: ඔව් රෙකෝඩින් ඒ වෙලාවෙත් වැඩ තිබ්බා යනුවෙන් අධිකරණයට සාක්ෂි ලබා දෙනු ලැබුවා.
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාලව අද (26) සාක්ෂි අංක 17,18, 19 සහ 20 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමට තිබූ අතර 17 වන සහ 18 වන සැකකරු පමණක් අධිකරණයේදී සාක්ෂි ලබාදෙනු ලැබුවා.
සිද්ධියට අදාළ 19වන සහ 20වන සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ නීතීඥ උදාර මුහන්දිරම් යන අය අද (26) අධිකරණයේ පෙනී සිටියේ නෑ.
ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ එම සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවයි.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ඔවුන් නොපැමිණීම සම්බන්ධයෙන් කරුණු විමසා බලා නැවත එම සාක්ෂිකරුවන්ට දැනුම් දෙන ලෙසයි.
සිද්ධියට අදාල වැඩිදුර සාක්ෂි විභාගය ලබන 29 දින යළි කැඳවිමට නියමිතයි.
Latest News
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026
ඩෙංගු මරණ 50 දක්වා ඉහළට - රෝගීන් ගණන 73,455 දක්වා නගී
Local
17 July 2026
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට
Local
17 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී
Local
17 July 2026
අමෙරිකාවෙන් විදෙස් සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට දැඩි වීසා නීති: ට්‍රම්ප් පාලනයෙන් නව සීමාවන් රැසක්!
Local
17 July 2026
LPL තරගාවලිය අදින් ඇරඹේ
Local
17 July 2026
2020 මැතිවරණ දත්ත චීනය සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
Local
17 July 2026
අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට
Local
17 July 2026