International27 May 2026

යුරේනියම් අත්හැරියත් ඉරානයට පැනවූ සම්බාධක ඉවත් කරන්නේ නැහැ - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානය සතු ඉහළ ප්‍රතිශතයකින් යුත් සෙසු සම්පූර්ණ කරන ලද යුරේනියම් (Highly Enriched Uranium) තොග අත්හැරීමට එකඟ වුවද, ඊට හිලව් වශයෙන් එම රටට පනවා ඇති ආර්ථික සම්බාධක ලිහිල් කිරීමට අමෙරිකාව පියවර නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, යුරේනියම් සම්බන්ධයෙන් ඉරානය ලබාදෙන සහන, ඔවුන්ට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ලිහිල් කිරීමේ ක්‍රියාවලිය සමග ගැටගැසීමේ හෝ එකිනෙකට සම්බන්ධ කිරීමේ අදහස අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරානය මත තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ස්ථාවරය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes