ශ්‍රී ලංකාවේ ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් අතිශය පුළුල් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) රුපියල් මිලියන 99ක් වැය කර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද "ස්නායු රෝග විද්‍යා ආයතනය" (Institute of Neurology) හෙට (01) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණිගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක උත්සවය හෙට (01) පෙරවරු 10.00 ට එම පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන ස්නායු රෝගී ප්‍රතිකාර සේවාවන් (Neurology Services) වඩාත් කාර්යක්ෂම කිරීමට මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉවහල් වනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම විවෘත කිරීමට සමගාමීව ස්නායු රෝග විද්‍යා ආයතනයේ නිර්මාතෘ, දේශමාන්‍ය විද්‍යා ජෝති වෛද්‍ය ඡේ.බී පීරිස්ගේ ඡායාරූපය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතින් නිරාවරණය කිරීමට ද කටයුතු යොදා තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ ස්නායු රෝග විද්‍යා ආයතනයේ අංක 62/63 වාට්ටු සංකීර්ණය ද (Neurology unit ward 62/63) නිල වශයෙන් විවෘත කිරීමට නියමිත අතර, මෙම ඒකකය එක් වාට්ටුවකට රෝගී ඇඳන් 22 බැගින් වන කාන්තා හා පිරිමි වාට්ටු 2කින් සමන්විත වන බවයි සඳහන් වන්නේ.
මෙම වාට්ටු සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන පනස් දෙකක මුදලක් වෙන් කර තිබෙනවා.
මීට අමතරව, ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පිහිටි භෞත චිකිත්සක ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 22ක මුදලක් ලබා දී ඇති අතර, තෙවෙනි මහලෙහි භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරය නවීකරණය කිරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වෙනවා.
මෙම නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව, දැනට අංක 16 වාට්ටුවේ වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන ස්නායු ඒකක 3 සහ 4 වඩාත් පහසුකම් සහිතව, තදබදයකින් තොරව රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය සැප පහසුකම් සහිතව පවත්වාගෙන යාමට පූර්ණ හැකියාව ලැබෙනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ අමුත්තන් රැසක් එක්වීමට ද නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
Latest News
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026