General31 May 2026

වැල්ලවත්තේදී දුම්රියක ගැටී කතක් මරුට

වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (30) සවස් කාලයේ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වැල්ලවත්ත පොලිසිය පවසනවා.
පානදුර සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම කාන්තාව ගැටී ඇතැයි පොලිසිය පවසනවා.

අනතුරින් මියගිය කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මියයන අවස්ථාවේ ඇය සුදු සහ දුඹුරු පැහැති සාරියක් හැඳ සිට ඇති අතර, ඇය සතුව කොළ පැහැති අත්බෑගයක් තිබී හමු ව තිබෙනවා.

අනතුර සිදුවීමත් සමඟ වැල්ලවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය කාන්තාවගේ මෘත ශරීරය දැනට කළුබෝවිල (දකුණු කොළඹ ශික්ෂණ) රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes