වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ජූනි 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
නවදිල්ලිය විසින් වෙනිසියුලාවෙන් ලබාගන්නා බොර තෙල් ආනයනය ඉහළ නංවා ඇති වටපිටාවක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, පසුගිය මැයි මාසයේදී වෙනිසියුලානු තෙල් වැඩිම ප්‍රමාණයක් ආනයනය කළ ලොව දෙවැනි විශාලතම රට බවට පත්වූයේ ඉන්දියාවයි.
එහිදී ඉන්දියාව දිනකට බොර තෙල් බැරල් 427,000 බැගින් මිලදී ගෙන ඇති අතර, එම ලැයිස්තුවේ පළමු ස්ථානය පසුවන්නේ අමෙරිකා එක්සත් ජනපදයයි.
විශේෂයෙන්ම ඉන්දියාවේ ප්රමුඛ පෙළේ සමාගමක් වන 'රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස්' සමාගම මෑත මාසවලදී වෙනිසියුලානු බොර තෙල් මිලදී ගන්නා ප්‍රධානතම ගැනුම්කරුවන් තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්ව තිබෙනවා.
මෙම සංචාරය අතරතුරදී රොඩ්රිගස් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග නිල සාකච්ඡා පවත්වන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී තහවුරු කළා.
මෙම සාකච්ඡාවලදී ඉන්දීය - වෙනිසියුලා සබඳතාවල සමස්ත පරාසයම ආවරණය වන බවත් විශේෂයෙන්ම බලශක්ති, වෙළඳ, ආයෝජන, ඖෂධ නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්රයන්හි ඉදිරි සහයෝගීතාව පුළුල් කරගත හැකි මාර්ග පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු කරනු ඇති බවත් එහිදී ඔහු පැවසුවා.
මීට අමතරව, ඇය ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි හිදී එරට බලශක්ති ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් හමුවීමට ද නියමිත බව ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරනවා.

Latest News
කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
Local
04 June 2026
චීනයේ ප්‍රමුඛතම සිතියම් විද්‍යාඥයෙකුට දූෂණ චෝදනා
Local
04 June 2026
ට්‍රම්ප්ගේ යුද බලතල පාලනය කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි
Local
04 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.25ක් ලෙස සටහන් වෙයි
Local
04 June 2026
ලොරි රථයකට යටවී යතුරුපැදිකරුවෙක් මරුට
Local
04 June 2026
කාර් රථයක් ත්‍රීරෝදයක ගැටී සිඟිත්තියක් ජීවිතක්ෂයට
Local
04 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මුදාගත් පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත
Local
04 June 2026
කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - දිවයින වටා මුහුදු ප්‍රදේශ රැසක සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට
Local
04 June 2026
ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට ආධාර දුන් තවත් සැකකරුකුවෙක් අත්අඩංගුවට
Local
04 June 2026
බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක් ඝාතනය කරයි
Local
04 June 2026