General04 June 2026

මදුරු මර්දනය පිණිස විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කෙරේ

රට තුළ මදුරු උවදුර මර්දනය කිරීමේ අරමුණින් විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

‍ඒ අනුව එළැඹෙන ජූනි මස 08, 09 සහ 10 යන දින තුන පුරා මෙම විශේෂ මදුරු මර්දන වැඩපිළිවෙළ රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මෙම මදුරු මර්දන සතිය තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති විශේෂ ක්‍රියාකාරකම් පිළිබඳව සහ ඒ සඳහා ජනතාවගේ අවධානය යොමු විය යුතු වැදගත් සෞඛ්‍ය පණිවුඩ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා ජනතාවගේ සෘජු දායකත්වය ලබා ගැනීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
Related recommendation
Hiru TV News | Programmes