General07 June 2026

ජීප් රථයක ගැටී කතක් මරුට

හොරණ දික්හේන්පුර එලවැල්ල මාර්ගයේ දික්හේන්පුර ප්‍රදේශයේදී ඊයේ (6) රාත්‍රියේ එම මාර්ගයේ පාර හරහා මාරුවන කාන්තාවක් ජීප් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව හොරණ පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ 72 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි සුමිත්‍රා පීරිස් නමැති කාන්තාවක්.

ඊයේ රාත්‍රියේ අනතුරට පත් කාන්තාව නිවස අසල විදුලි පහන් කණුවක බල්බයේ දැල්වීමට ගොස් ස්විචය ඔන් කිරීමෙන් පසු මාර්ගය හරහා මාරු වීමට යාමේදී වේගයෙන් පැමිණි ජීප් රථය කාන්තාවගේ ගැටීමෙන් පසු මීටර විසි එකක් පමණ ඈතට හැදී ගොස් ඇති බව පොලිසිය පවසන්නේ.

අනතුරට පත් කාන්තාව එවෙලේම හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර රියැදුරුවත් අඩංගුවට ගෙන හොරණ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු බීමත්ව සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.හොරණ පොලිසිය වැඩිදුර විමර්ෂන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes