මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පතේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණිය සඳහා 237 දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායමක් බඳවා ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ උපදෙස් පරිදි මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින රෝහල් හා ආයතනවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම මින් සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ එළැඹෙන ජූනි මස 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
මෙම බඳවා ගැනීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2025.08.31 දින පවත්වන ලද විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව, අදාල ලිඛිත විභාගයෙන් ලකුණු 141 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් අයැදුම්කරුවන් පමණක් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලබන බවයි අමාත්‍යාංශය පවසන්නේ.
සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන් වෙත සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ලිපි මේ වනවිටත් ලියාපදිංචි තැපෑල මඟින් යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ (Official Website) පළවන බවයි සඳහන් වන්නේ.
සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම පසුගිය ජනවාරි මාසයේ දී බඳවා ගනු ලැබූ අතර, මෙවර බඳවා ගනු ලබන්නේ එහි දෙවන කණ්ඩායම බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ.
Latest News
මත්පැන් ස්ටිකර් වංචාවෙන් අහිමි වන බදු ආදායම සුව සැරිය වැනි සේවාවන් 8කට සමානයි - ආචාර්ය හර්ෂ ද සිල්වා
Local
18 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරවාචාර සහිතව ලබන සඳුදා
Local
18 July 2026
රජයටම වී දෙන්න ඕනි කියලා එකක් නෑ.. මුදලාලිටත් දෙන්න - කෘෂි නි. ඇමති නාමල්
Local
18 July 2026
අමෙරිකාවට චෝදනා කරමින් ඉරානය අවබෝධතා ගිවිසුම අත්හිටුවයි
Local
18 July 2026
කැන්ඩි රෝයල්ස් පරදා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ලකුණු 18ක විශිෂ්ට ජයක්
Local
18 July 2026
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026