General11 June 2026

ශෂී වීරවංශගේ සිර දඬුවම ස්ථීර වෙයි අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිර දඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව ස්ථීර කරන බවයි.

අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට ඉකුත් 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා.

එම දඬුවම්වලින් තමන් වන නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් කොළඹ මහාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කළා.
Related recommendation
Hiru TV News | Programmes