General22 June 2026

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින තද සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් "කහ" (Amber) වර්ණ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා වලංගු වෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ වෙරළාසන්න මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, එහිදී පැයට කිලෝමීටර 50ත් 60ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බවයි.

එබැවින්, මෙම මුහුදු ප්‍රදේශවල කටයුතුවල නිරත වන නාවික සහ ධීවර ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes