General23 June 2026

ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම් 538ක් ප්‍රකාශයට පත් කෙරේ

දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින්, 2026 ජූනි මාසය සඳහා විශේෂ ඩෙංගු මර්දන සහ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ඉහළ අවදානමක් සහිත ග්‍රාම නිලධාරී වසම් ලේඛනය සෞඛ්‍ය අංශ විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ යටතේ දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 331ක් තුළ පිහිටි ග්‍රාම නිලධාරී (GN) වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ මෙම හඳුනාගත් වසම් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ කීට විද්‍යාත්මක සමීක්ෂණ, දුමායන කටයුතු (Fogging) සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් කරන ලෙසයි.

එම ප්‍රදේශ පිළිබඳව සම්පූර්ණ විස්තර මෙතැනින්

Related recommendation
Hiru TV News | Programmes