ලන්ඩනයේ 10 ඩවුනිං වීදියේ (10 Downing Street) නිල නිවසේ තවත් නායකත්ව වෙනසක් සඳහා බ්‍රිතාන්‍ය දේශපාලන ක්ෂේත්රය සූදානම් වෙමින් පැවතියද, එහි වසර 15කට ආසන්න කාලයක් තිස්සේ රැඳී සිටින 'ප්‍රධාන මීයන් අල්ලන්නා' (Chief Mouser) වන ලැරී බළලා මෙම කිසිඳු දේශපාලන කුණාටුවකින් තැතිගෙන නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මේ වන විට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් හය දෙනෙකුගේ පාලන කාලයන් පසුකරමින් ඩවුනිං වීදියේ රැඳී සිටින ලැරී, එරට දේශපාලන අස්ථාවරත්වය හාස්‍යයට නැඟීම සඳහා ජාත්‍යන්තරව ප්‍රසිද්ධියක් උසුලනවා.
අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට ප්‍රකාශ කිරීම සමඟ, එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මක වන ලැරීගේ සුප්‍රකට නිල නොවන උපහාසාත්මක ගිණුම (Parody Account) හරහා සුවිශේෂී සටහනක් තබා තිබෙනවා.
බ්‍රිතාන්‍ය වැසියන්ගේ දැඩි අවධානයට ලක්වූ එම සටහනේ සඳහන් වූ දේ පහතින්.
"මම කියර් ස්ටාමර් මගේ ප්‍රධාන සේවකයා (Chief Servant) ධුරයෙන් ඉල්ලා අස්වීම නිල වශයෙන් බාරගත්තා. ඒ වගේම මට දිනකට කෑම වේල් කීයක් දෙනවාද යන්න පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස මම ඇන්ඩි බර්න්හැම්ට (Andy Buham) ආරාධනා කර තිබෙනවා."
බ්‍රිතාන්‍ය රජයේ කැබිනට් කාර්යාලයට අනුයුක්තව නිල මෙහෙයුම් සිදුකරන ලැරී, දේශපාලන නායකයන් නිරන්තරයෙන් වෙනස් වුවද ඩවුනිං වීදියේ සිය අණසක නොවෙනස්ව පවත්වාගෙන යාමට සමත්ව වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දේශපාලන ක්ෂේත්රයේ දැඩි නොසන්සුන්තා පවතින මෙවැනි වටපිටාවක වුවද, කිසිදු බාධාවකින් තොරව නිදහසේ සැරිසරන ලැරීගේ මෙම නවතම සමාජ මාධ්‍ය ප්‍රකාශය, බ්‍රිතාන්‍ය වැසියන් අතර මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද නැවත වරක් දැඩි කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

Latest News
සුරේෂ් සලේගේ මවගෙන් පාප් වහන්සේට ලිපියක්
Local
23 June 2026
ඉන්දියාවේ නිෂ්පාදිත නවීනතම නාවික යාත්‍රා 3ක් අගමැති මෝදි අතින් එරට නාවික හමුදාවට
Local
23 June 2026
කෝරළේඉම සමූපාකාර බැංකුවේ කෝටි ගණනක රන් බඩු කොල්ලකරුවන් අරගෙන ගිහින් - පොලිසිය
Local
23 June 2026
හෝමාගම, කොට්ටාව, ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවයි
Local
23 June 2026
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු නිරාකරණය කරන්න වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක්
Local
23 June 2026
"මම ස්ටාමර්ගේ ඉල්ලා අස්වීම භාරගත්තා.. මගේ මීළඟ සේවකයා කවුද?.." බ්‍රිතාන්‍ය දේශපාලන කුණාටු මැද ඩවුනිං වීදියේ 'ලැරී බළලා' ඊළඟ අගමැති පිළිගන්න සැරසෙයි
Local
23 June 2026
මේ අවුරුද්දේ කොහොමහරි මහනුවරට දුම්රිය ධාවනය කරවනවා - නි. ඇමති ප්‍රසන්න
Local
23 June 2026
කොල්ලුපිටියේදී ත්‍රීරෝද රථයකට ගිනි තැබූ තරුණයෙක් දුම්රියට පැන දිවි නසා ගනී
Local
23 June 2026
එක රැයකින් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ මෙසී: ගිනස් වාර්තා 4ක් තමන් සතු කරගනී
Local
23 June 2026
උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි
Local
23 June 2026