වසර හතකට ආසන්න කාලයක් පුරා බිලියන 3කට අධික පරිශීලකයින් පිරිසක් වෙත වට්ස්ඇප් සේවාව ව්‍යාප්ත කිරීමට නායකත්වය දුන් එහි ප්‍රධානී විල් කැත්කාර්ට් (Will Cathcart) සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති අතර, එම තනතුර සඳහා ඉන්දීය ෆින්ටෙක් (Fintech) ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන 'ක්රෙඩ්' (Cred) සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත් කිරීමට මෙටා සමාගම පියවර ගෙන තිබෙනවා.
ලොව පුරා බිලියන තුනකට අධික ජනතාවක් භාවිත කරන මෙටා සමාගමට අයත් වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවාවේ ප්‍රධානී විල් කැත්කාර්ට් මහතා සිය ධුරයෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
පසුගිය සඳුදා සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ වට්ස්ඇප් ආයතනය දැනට පවතින්නේ ඉතිහාසයේ ශක්තිමත්ම තත්ත්වයක වුවද, ධුරයෙන් ඉවත් වීමට මෙය සුදුසුම අවස්ථාව ලෙස තමාට හැඟෙන බවයි.
වසර හතකට ආසන්න කාලයක් පුරා මෙම ජනප්‍රිය පණිවුඩ හුවමාරු වේදිකාව මෙහෙයවූ කැත්කාර්ට්, එහි පුද්ගලික චැට් පහසුකම් ලොව පුරා බිලියන තුනකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත්, ඔහු මෙටා සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ වෙනත් වගකීම් සඳහා තවදුරටත් දායක වනු ඇති බවයි වාර්තා වෙන්නේ.
වට්ස්ඇප් හි නව ප්‍රධානියා ලෙස පත්වන කුනාල් ෂා, ඉන්දියාවේ බැංගලෝර් නුවර පදනම් කරගත් ක්රෙඩ් නැමැති මූල්‍ය තාක්ෂණික ආරම්භක සමාගමේ නිර්මාතෘවරයායි.
2018 වසරේදී ඔහු විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, ණයපත් වාරික නියමිත වේලාවට ගෙවන ඉහළ ආදායම් ලාභී සාමාජිකයන්ට පමණක් සීමා වූ විශේෂ ප්රතිලාභ පිරිනමමින් ඉන්දියාවේ ගෙවීම් ක්ෂේත්රය තුළ දැවැන්ත පරිවර්තනයක් කිරීමට උත්සාහ කර තිබෙනවා.
ඔහුගේ ලින්ක්ඩ්ඉන් (LinkedIn) ගිණුමට අනුව, ක්රෙඩ් සමාගම ආරම්භ කිරීමට පෙර කුනාල් ෂා ඉන්දියාව සහ ගිනිකොනදිග ආසියාව පුරා නවක ව්‍යාපාර (Start-ups) කිහිපයක ආයෝජකයෙකු සහ උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
කුනාල් ෂා වට්ස්ඇප් හි නව භූමිකාව භාරගන්නා අතරතුරම තමා ක්රෙඩ් සමාගමේ කොටස්කරුවෙකු ලෙස දිගටම රැඳී සිටින බව පසුගිය සඳුදා සඳහන් කර ඇති අතර, ක්රෙඩ් සමාගම මෙටා ආයතනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක (ස්ටර්ලින් පවුම් මිලියන 679ක) ආයෝජනයක් ලබාගෙන ඇති බව ද පවසා තිබෙනවා.
බ්ලූම්බර්ග් (Bloomberg) වාර්තාවලට අනුව මෙම ආයෝජනය හරහා මෙටා සමාගමට ක්රෙඩ් ආයතනයේ 20%ක කොටස් අයිතියක් හිමිවෙනවා.
මෙටා සමාගම සුළුතර ආයෝජකයෙකු ලෙස ක්රෙඩ් සමඟ එක් වුවද, එහි සාමාජිකයන්ගේ දත්ත (Member Data) වෙත ප්‍රවේශ වීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් නොලැබෙන බව ෂා වැඩිදුරටත් අවධාරණය කළේ.
ෆේස්බුක් නිර්මාතෘ මෙන්ම මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) ප්‍රකාශ කර ඇත්තේ කුනාල් ෂා විසින් ක්රෙඩ් සමාගම හරහා ඉන්දියාවේ වැදගත්ම තාක්ෂණික සමාගමක් ගොඩනැඟූ බවයි.
ලොව විශාලතම පණිවුඩ හුවමාරු යෙදවුම මෙහෙයවීම සඳහා මෙම ෆින්ටෙක් නිර්මාතෘවරයා සතු නිර්මාණශීලී වර්ධන මානසිකත්වය සහ ගෝලීය දැක්ම මහෝපකාරී වනු ඇති බව පැවසූ සකර්බර්ග්, බිලියන සංඛ්‍යාත පරිශීලකයින් සහ මිලියන ගණනක් වන ව්‍යාපාරික ක්ෂේත්රය වෙනුවෙන් වට්ස්ඇප් සේවාව තවදුරටත් දියුණු කිරීමට ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ද සටහන් කර තිබෙනවා.
මෙටා සමාගම වට්ස්ඇප් නායකත්වයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ ඉන්දියාව තුළ වට්ස්ඇප් සතු වේගයෙන් වර්ධනය වන පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්.
ලෝක ජනගහන සමාලෝචන දත්තවලට අනුව ඉන්දියාව තුළ වට්ස්ඇප් සේවාව බහුලව භාවිත වන අතර එහි පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 853ක් (කෝටි 85කට අධික) පමණ වෙනවා..
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් ඇතුළු බිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින මෙටාහි Family of Apps යටතට වට්ස්ඇප් අයත් වන අතර, දැන්වීම්, ගෙවුම් දායකත්වයන් සහ කෘතිම බුද්ධි (AI) මෙවලම් හරහා ආදායම ඉහළ නංවා ගැනීමට මෙටා සමාගම උත්සාහ කරන ප්‍රධාන අංශයක් ලෙස ද වට්ස්ඇප් හැඳින්විය හැකිය.
කෙසේ වෙතත්, සිය මව් සමාගම වන මෙටා සමඟ දත්ත හුවමාරු කරගැනීම සහ පරිශීලක පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් වට්ස්ඇප් සේවාව මෑතකාලීනව ඉන්දියාව තුළ දැඩි නිරීක්ෂණයට හා විවේචනයට ද ලක්ව තිබුණා.

Latest News
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026
අනාරක්ෂිත ළිඳකට වැටී දෙහැවිරිදි දැරියක් අවසන් ගමන් යයි
Local
23 June 2026
එල් නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ඇමති ධම්මිකගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍ය අනුකමිටුවක්
Local
23 June 2026
WhatsApp ප්‍රධානී විල් කැත්කාර්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි - නව ප්‍රධානියා ලෙස ඉන්දීය 'ක්රෙඩ්' සමාගමේ නිර්මාතෘ කුනාල් ෂා පත්වෙයි
Local
23 June 2026
බදු ගෙවන්නන්ගෙන් රුපියල් බිලියන 550කට අධික හිඟ බදු මුදලක් අයවිය යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Local
23 June 2026
"ඡන්දයේදී නොමැකෙන තීන්ත භාවිතය නැවැත්වීමට කැබිනට් අනුමැතිය"
Local
23 June 2026