සමගි ජන බලවේගය (සජබ) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය සහ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ජනතා විමුක්ති පෙරමුණ අද (26) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, අල්ලස් චෝදනා මත ඊයේ (25) අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ නැමැත්තාට, මීට මාස දෙකකට පෙර තම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපතිවරයා හමුවීමට එන ලෙස ආරාධනා කළ බවට වරුණ රාජපක්ෂ නමැත්තා විසින් චෝදනා කර ඇති බවයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ, පාතාල සබඳතා හා බැඳුණු මෙම අල්ලස් සිදුවීම හමුවේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස කෙතරම් කලබල වී ඇත්ද සහ බංකොලොත් වී ඇත්ද යන්න මෙමඟින් පැහැදිලි වන බවයි.
විවිධ වුවමනාකම් මත පසුබිම නොසලකා පුද්ගලයින් එකතු කර ගැනීමට වෙනත් පක්ෂවලට අවශ්‍ය වුවද, අපරාධකරුවන් තම පක්ෂයට හෝ ආණ්ඩුවට එකතු කර ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද එම නිවේදනයේ සඳහන්.
මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හරහා අපරාධමය සිදුවීම්වලට ලැබිය යුතු සමාජ අවධානය වෙනත් අතකට යොමු කිරීමට සහ අපරාධකරුවන්ට සුදුහුණු ගෑමට දරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක් බව ජවිපෙ අවධාරණය කරනවා.
අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින බවත්, මෙම සාවද්‍ය ප්‍රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට
Local
26 June 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026