General26 June 2026

සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝර්ට් සැකසූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීමේ චෝදනාව මත ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, අද (26) සවස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස වර්තමානයේ සේවය කරනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දැනට සිදු කර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කළ කාලය තුළ මෙම මහා පරිමාණ අපරාධය සිදු කර ඇති බවයි.

. සංවිධානාත්මක අපරාධකරුට මෙරටින් පලා යාම සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කර දී ඇත්තේ එම අවධියේදීයි.
Related recommendation
Hiru TV News | Programmes