General27 June 2026

සලේට හෘදයාබාධයක්: පවුලේ ආරංචි මාර්ග

UPDATE: (2:34 PM)

ජාතික බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කිරීමට නියමිත බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

---------------

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

පවුලේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔහු හදිසියේ රෝගාතුර වීමෙන් අනතුරුව රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි.

මේ වන විට ඔහු රෝහලේ විශේෂිත වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes