General03 July 2026

පූජිත සහ නිලන්ත කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

පාස්කු නඩු වලින් ආරම්භයේදීම මුදා හරින්නැයි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ කළ ඉල්ලීම් මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ඊට අදාළ පෙත්සම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු සහ නිරෝෂා ප්‍රනාන්දු හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

ඒ අනුව, මීට පෙර අදාළ ඉල්ලීම් නඩු විභාගය අවසානයේදී සලකා බැලිය හැකි බවට තීන්දු කර මීගමුව දිසා විනිසුරුවරයා විසින් ලබාදුන් නියෝගය ස්ථිර කෙරුණා.

Related recommendation
Hiru TV News | Programmes