General07 July 2026

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන සොයා බලන්න විමර්ශන කමිටුවක්

මීගමුව බන්ධනාගාරයේ ‍‍‍ඇති වූ නොසන්සුන්තාව සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (07) විමර්ශන කමිටුවක් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් පත් කර තිබෙනවා.

මෙම විමර්ශන කමිටුවේ ලේකම්/කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එල්. ඩී අසේල පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes