General08 July 2026

කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාලව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් සිහිකැඳවීමක්

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන රජයේ රස පරීක්ෂකවරයාට අද (08) සිහිකැඳවීමක් කළා.

ඒ මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීයි.

සිද්ධියට අදාළ නඩුව කැඳවු අවස්ථාවේදි කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්පුර්ණයෙන් ලබා දීමට රස පරීක්‍ෂක වර්තාවන් ලැබිය යුතු බවයි.

සිද්ධියට අදාළ මරණ පරීක්‍ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට පෙර නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් නොතිසි නිකුත් කර තිබුණා.

සිද්ධියට සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ අධිකරණ වර්තා ලබා ගැනීමට එම වෛද්‍යවරයා වෙතද දන්වා ඇති බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා රස පරික්ෂක වර්තා කඩිනමින් ලබා දීමට රස පරික්ෂකවරයාට සිහි කැඳවිම් ලිපි නිකුත් කළා.

නඩුව ලබන 22 යළි කැඳවිමට නියමිතයි.


Related recommendation
Hiru TV News | Programmes