බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධවලින් පහර දී පලායමින් සිටි දෙදෙනකු පොලිස් නිලධාරීන්ටද එම ආයුදවලින් පහරදී පලායෑමට තැත් කිරීමේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ ගෝලයෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
අදාළ නිවසට පහරදීමේ සිද්ධිය මත්ද්‍රව්‍ය ආරවුලක් මත සිදුව ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
සිද්ධිය අතරතුර එක් සැකකරුවෙකු වෙඩි ප්‍රහාරය මැද්දේ පලා ගොස් ඇති බවද බොරලැස්ගමුව පොලිසිය පැවසුවා.
බොරලැස්ගමුව ඕ .පී. පෙරේරා මාවතේ නිවසකට අද අළුයම 1.30 ට පමණ පුද්ගලයන් පිරිසක් යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ රැගෙන පැමිණ නිවසටද පහරදී අලාභ හානිකර නිවසේ නිදා සිටි පුද්ගලයන්ටද පහරදී පලා ගිය බවට බොරලැස්ගමුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඔවුන් පිළියන්දල දෙසට පලා යන බවට ලද තොරතුරු අනුව පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ සැඟවී සිටියදී ඉදිරියට පැමිණි යතුරුපැදිය ආපසු හැරී යාමට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී පැදිකරු විසින් පොලිස් නිලධාරියකු හප්පා අනතුරට ලක් කර ඇති අතර පසු පැදිකරු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබුණා.
එහිදී පොලිස් නිලධාරියෙකු රාජකාරී ගිනි අවියෙන් එම පුද්ගලයාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම එම පුද්ගලයා යතුරුපැදියෙන් ඇද වැටී ඇති අතර පැදිකරු පලා ගිය බවයි වාර්තා වන්නේ.
මෙම කල්ලිය විසින් නිවසට පහරදීමේදී ආයුධ ප්‍රහාරයකින් තුවාල ලැබූ 24 හැවිරිදි තරුණියකසහ තුවාල ලද පොලිස් නිලධාරියා මෙන්ම බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුද ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
බොරලැස්ගමුව හා පිළියන්දල පොලිසිය ඒකාබද්ධව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Latest News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනිබත් වෙයි: කොට්ටාව සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්
Local
19 July 2026
මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
Local
19 July 2026
116 දෙනෙකු රැගත් යාත්‍රාවක් ගයනාවේදී අනතුරට ලක් වෙයි
Local
19 July 2026
මාලිමා රජය ප්රජාතන්ත්රවාදය විනාශ කරමින් ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
19 July 2026
කොරතොට වෙඩි තැබීමට මුදල් දුන් පුද්ගලයා සහ යතුරුපැදිකරු අත්අඩංගුවට
Local
19 July 2026
මාතර වැල්ලමඩමදී ඩිෆෙන්ඩරයක් ලොරියක ගැටෙයි: රියදුරු ජීවිතක්ෂයට, 6කට තුවාලයි
Local
19 July 2026
ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි
Local
19 July 2026
10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරගාවලිය උත්කර්ෂවත් ලෙස නිමාවට
Local
19 July 2026
පොඩි මැණිකේ දුම්රියෙන් බිමට ඇද වැටුණු තුර්කි තරුණියකට බරපතලයි
Local
19 July 2026
හෙට සිට බිත්තර මිල ඉහළට
Local
19 July 2026