General19 July 2026

ජූලි මස ඩෙංගු රෝගීන් 20,000 ට ආසන්න වෙයි

ජූලි මාසයේ ගෙවුණු දින 18 තුළ පමණක් මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,000 ට ආසන්නවී තිබෙනවා.

ඒ අනුව ජූලි මාසය තුළ පමණක් මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 19,943 ක් වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

වසරේ මේ දක්වා වාර්තාවී ඇති සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 75,321 ක්.

ඩෙංගු රෝගය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 53 ක් වන බවයි එම ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes