General19 July 2026

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු පැතිරීම වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

මෙරට සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශයක් හඳුන්වා දී තිබෙනවා.

එම මාර්ගෝපදේශය හෙට (20) එළිදක්වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වා දීම මෙහි අරමුණයි.

පසුගිය දිනවල විශ්වවිද්‍යාල කිහිපයක්ම වසා දැමුණේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන්.


Related recommendation
Hiru TV News | Programmes