General20 July 2026

පූර්ණ පොලිස් ගෞරව සහිතව හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද

වෙඩි වැදී මියගිය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

දේහය මේ වන විට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ මාලඹේ තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදීයි.

පෞද්ගලික හේතුවක් මත, සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණු හිටපු පොලිස්පතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින් රැසක් එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes