General20 July 2026

මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ

මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිවරිය සහ සාමාජිකයින් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එන්. ආර්. අනීස් පත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම, කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස, ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් පත්කර තිබෙනවා.

මෙම නව පත්වීම්වලට අදාළ නිල ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20දා) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාමාජිකයින් වෙත භාර දෙනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes