පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්රිත වෙළෙඳසල් හා ආපනශාලා ඉලක්ක කරගනිමින් 2026 ජූලි මස 20 වන දින විශේෂ හදිසි වැටලීම් 112ක් සාර්ථකව සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මහජනතාව සහ මගීන් නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදු වන අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතාවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මෙම විශේෂ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වි ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.
මෙම වැටලීම්වලදී නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, බේකරි නිෂ්පාදන, අනෙකුත් ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම, ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ඇතුලු
අත්‍යවශ්‍ය තොරතුරු සඳහන් නොකිරීම සහ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම ඇතුලු වැරදි රැසක් අනාවරණය වු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මෙම වැරදි සිදු කළ වෙළෙඳසල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ ප්‍රතිපාදන අනුව අදාල මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇති බවයි ඔවුන් පවසන්නේ.
මගී ජනතාවට නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ලබාදෙන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර මෙවැනි විශේෂ වැටලීම් ඉදිරියේදී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබනවා.
තවද මෙවැනි අසාධාරණ වෙළෙඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 පැමිණිලි ඒකකය වෙත කාර්යාල වේලාවන් තුළදී තොරතුරු ලබාදෙන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

Latest News
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026