ඉන්දියාවේ සික්කිම් (Sikkim) ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතින ජල විදුලිබල ව්‍යාපෘතියකට අයත් උමගක් තුළ සිදුවූ ගෑස් පිපිරීමක් සහ නායයාමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 කට වැඩි පිරිසක් උමඟ තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සික්කිම් ප්‍රාන්තයේ නාම්චි (Namchi) දිස්ත්‍රික්කයේ සමර්ඩුං (Samardung) ප්‍රදේශයේ පිහිටි 'තීස්ටා VI අදියර' (Teesta Stage-VI) ජල විදුලි ව්‍යාපෘතියේ උමඟක් තුළ මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
පාෂාණ අතර සිරවී තිබූ මීතේන් ගෑස් (Methane gas) හදිසියේම පිටතට පැමිණීමත් සමග මෙම පිපිරීම සිදුව ඇති අතර, ඒ සමගම ඇති වූ නායයාමෙන් උමඟේ පිටවීමේ මාර්ගය වැසී ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තා කරනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී රාජ්‍ය නොවන සහ ව්‍යාපෘති ඉංජිනේරු නිලධාරීන් ඇතුළු සේවකයින් පිරිසක් උමඟ තුළ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිට ඇති බව සඳහන්.
අනතුර සැලවූ වහාම සහන සැලසීමට ගිය ජාතික ජලවිදුලි බල සංස්ථාවේ (NHPC) නිලධාරීන් කිහිපදෙනෙකු ද උමඟ තුළ සිරවී ඇති බව වාර්තා වනවා.
ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) ඇතුළු ආරක්ෂක අංශ විසින් සිරවී සිටින පිරිස මුදාගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් උමඟ තුළ පවතින අධික විෂ වායු, ඝන දුමාරය සහ ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් සහන සේවකයින්ගේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බවද වාර්තා වනවා.

Latest News
කුසල් මෙන්ඩිස්ට LPL ඉදිරි තරග අහිමිවීමේ අවදානමක්
Local
21 July 2026
සලේගේ පෙත්සම ලබන 27 වැනිදා තෙක් කල් තැබෙයි
Local
21 July 2026
නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
21 July 2026
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නගී - කඹුරුපිටියම අඳුරේ
Local
21 July 2026
අගමැති හරිනි දුරදක්නයකින් නිරීක්ෂණය කළ තිදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 62.37කින් පහළට
Local
21 July 2026
ඉන්දියාවේ විදුලිබල ව්‍යාපෘති උමගක පිපිරීමක්: 10ක් මියගොස් පිරිසක් සිරවෙලා
Local
21 July 2026
හෝමාගම කම්පා කළ බිහිසුණු ගින්නේ සංවේදී කතා රැසක් එළියට
Local
21 July 2026
හෙටත් සුළගේ වේගය ඉහළට
Local
21 July 2026
කෝප් සහ කෝපා වාර්තා නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමට යොමු කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
21 July 2026