පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැඳවමින් ගිනිගෙන විනාශ වූ හෝමාගම - කටුවාන කර්මාන්තපුරයේ හෙල්මට් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්වරියට උපදෙස් ලබාදී ඇති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසිය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ පෙරවරුවේ හටගත් ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගේ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවයි.
අදාළ සිරුරු මේ වනවිට හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ. එමෙන්ම, එහි දුම ආඝ්‍රහනය වූ කාන්තාවක් ද එම රෝහලට ඇතුළත් කෙරුණා.
ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර සිටි එක් අයෙකු වසර 20 ක පමණ කාලයක් එම කර්මාන්තශාලාවේ වැඩ පරීක්ෂකවරයකු ලෙස සේවය කර ඇති අතර මියගිය අනෙකුත් හතර දෙනා මීට මාස කිහිපයකට පෙර එහි රැකියාවට පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.
හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් රොෂාන් කුරුප්පුආරච්චි ඊයේ පස්වරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කර තිබුණා.

Latest News
කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළව රජයේ රස පරික්ෂකවරයාට අධිකරණයෙන් යළිත් සිහිකැඳවීමක්
Local
22 July 2026
පුනර්ජනනීය බලශක්ති සම්ප්‍රේෂණ පද්ධතිය පුළුල් කිරීමට මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන
Local
22 July 2026
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට වරෙන්තු
Local
22 July 2026
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
Local
22 July 2026
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අනුමැතිය
Local
22 July 2026
යුක්රේන හමුදා ප්‍රධානියා ධුරයෙන් නෙරපයි
Local
22 July 2026
ඉරාන යුද්ධයට අමෙරිකාව වැය කළ මුදල ඩොලර් බිලියන 37.5ක්
Local
22 July 2026
ගල්කිස්ස ටෙම්ප්ලර්ස් පාරේ වෙඩි තැබීමේ තැතක් වැරදෙයි
Local
22 July 2026
05 දෙනෙකුට මරු කැඳවූ හෝමාගම ගින්න ගැන කම්කරු කොමසාරිස්ගෙන් වාර්තාවක් ඉල්ලයි
Local
22 July 2026
ප්‍රදේශ කිහිපයක අද පැය 4ක ජල කප්පාදුවක්
Local
22 July 2026