General22 July 2026

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළා.

ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේදී මොහු සැකකරුවෙක් ලෙස නම් කර අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes