General23 July 2026

කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක

ඊයේ (22) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයකට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ ඉදිකර තිබූ රහසිගත ගබඩාවක් තුළ සඟවා තිබියදී බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරනවා.

එසේම මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී එහි හිමිකරු විසින් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් රුපියල් කෝටි දහයක් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථන තොගය තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුරකථන බවයි එම ඒකකය සඳහන් කළේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පළමු මහලේ මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙම ජංගම දුරකථන එහි හිමිකරු විසින් ගුවන්තොටුපල හරහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඉතා සූක්ෂමව විටින් විට මෙරටට ආනයනය කර ඇති අතර, පසුව ඒවා ඔහුට අයත් විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රදර්ශනාගාරවලට යවා අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes