කාවඩි කණ්ඩායම් අතර, ආරවුලක් මත ආන්දෝලනයට තුඩුදුන් තර්ජනාත්මක හඬපට සමග දැඩි අවදානයට ලක්වූ දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු පේළි පෙරහර අද (23) ආරම්භ වනවා.
පෙරහරේ කාවඩි පෙරහර මේ මස 28 වැනිදා සහ රන්දෝලි පෙරහර මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
ඒ වෙනුවෙන් දැනටමත් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ.
ඒ අනුව, පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවගේ හා දේපලවල ආරක්ෂාව මෙන්ම රථවාහන හැසිරවීම සඳහා පොලිස් නිලධාරීන් 650 ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 100 ක් හා බුද්ධි අංශ නිලධාරීන් ද රාජකාරී සඳහා යොදවා තිබෙනවා.
මේ අතර, දෙවුන්දර විෂ්ණු දේවාලය පිටුපස නිවසකට වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව අදාළ මෝටර් රථය කුලී පදනම මත මහනුවර ප්‍රදේශයෙන් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් එහි අංක තහඩු ද වෙනස් කර ඇති අතර, කොටස් බද්ධකර සකසන ලද මෝටර් රථයක් බවට ද තහවුරු වූ බවයි පොලිසිය පැවසුවේ.
එසේම, මෝටර් රථයේ තිබූ වාහන අංක තහඩුවට අදාළ හිමිකරුගෙන් පොලිසිය කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ තම මෝටර් රථය නිවසේ ඇති බවයි.
අදාල මෝටර් රථය දික්වැල්ල - බෙලිඅත්ත පරණ පාර ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණේ ඊයේ රාත්රියේදී යි.
එය මාර්ගය අසල නවතා තිබී ඇති අතර, ඊට පෙර මෝටර් රථය පරීක්ෂා කිරීමට උත්සහ කිරීමේදී රියදුරු විසින් එම රථය නොනවත්වා ධාවනය කර ඇති බවත්, පසුව එම මෝටර් රථය කණුවක ගැටී නැවතී ඇති අතර රියදුරු පළාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.
එමෙන්ම, දෙවුන්දර දේවාලය පිටුපස වෙඩිතැබීමට සම්බන්ධ බවට සැක කරන යතුරු පැදියක්ද දික්වැල්ල අශෝකාරාම පාර ප්‍රදේශයේ තිබී දික්වැල්ල පොලිසිය විසින් සොයාගෙන තිබුණා.
එයද බෙලිඅත්ත ප්‍රදේශයෙන් සොරා ගත් යතුරු පැදියක් බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
මේ අතර, බෙලිඅත්ත ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසේ ගේට්ටුවකට වෙඩි තැබීමේ සිද්ධිය ඉඩම් ආරවුලක් හේතුවෙන් ඔහුගේ ඥාතී සොහොයුරෙකු විසින් සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අදාළ කොස්තාපල්වරයා දැනට දික්වැල්ල පොලිසියේ සේවය කරන අතර, වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ඔහු රාත්‍රී සේවයට ගොස් සිට තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව නිවසේ සිට ඇත්තේ ඔහුගේ බිරිඳ සහ දරුවන් වන අතර, ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව තිබුණේ නැහැ.

Latest News
තරුණ විරෝධතා හමුවේ ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි
Local
25 July 2026
සෞදියේ තෙල් පිරිපහදුවකට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් වළක්වයි
Local
25 July 2026
මිසයිල ප්‍රහාරයෙන් සෞදි අරාබියේ ජිසාන් දේශසීමා නගරයේ ගිනිගැනීමක්
Local
25 July 2026
ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ
Local
25 July 2026
ඉන්දියාවේදී ඇල්ලුවේ වත්තල සාදයේ වෙඩි තැබීමට සැක දෙදෙනෙක්
Local
25 July 2026
බොර තෙල් මිලෙහි වෙනසක්
Local
25 July 2026
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026