General24 July 2026

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධයි : CIDය කියයි

රේගු ආඥා පනත උල්ලංඝනය කර භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන මහා ජාවාරමට මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 21ක් සම්බන්ධ බවට කරුණු අනාවරණය වන හෙයින් එය තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  හමුවේ කරුණු දැක්වූ අපරාධය පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(23) අධිකරණයට දන්වා සිටියා.

භාණ්ඩ ආනයනය කරන බවට අඟවමින් රුපියල් බිලියන 190ක අධික වටිනාකමින් යුත් ඩොලර් විදේශගත කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම සමාගම් අතරින් සමාගම් 06ක් දැනට අනාවරණය වී ඇති බවත්, හවුස් ඔෆ් ෆැෂන් මෝල් නැමති සමාගමක් ඒ අතර වන බවත් පවසා සිටියා.

ඇමරිකානු ඩොලර් මිලියන 700කට අධික  මුදලක් විදෙස් රටවලට යවා වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත ජෙෆ්‍රි මොහොමඩ් සැකකරු මෙම ජාවාරමේ පහසුකම් සලසන්නා ලෙස කටයුතු කර ඇති බවද පැවසුවා.

සැකකාර ජෙෆ්‍රි මොහොමඩ් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කරුණු දැක්වූ රහස් පොලිසිය සැකකරුට ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවත් පැවසුවා.

සැකකරු විසින් මීට සම්බන්ධ වූ සමාගම් හෙළි නොකරන බවත්, විමර්ශනයන්ට සහාය නොදක්වන බවත් පැවසූවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පවසා සිටියා.
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙරට ඩොලර් පිටරට පටවා මෙම වංචාව සිදු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes