General25 July 2026

රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක

රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ ඉහළ මට්ටමේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව තිබෙනවා.

මෙම නියෝජිත පිරිස ඊයේ (24) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ හමු වී ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙහිදී දෙරට අතර දිගුකාලීන හා සුහද සබඳතා මෙන්ම ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවධාරණය කර තිබෙනවා.

යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන සහ කුසලතා සහිත ශ්‍රම හුවමාරුව යන අංශවල සහයෝගීතාවය වැඩි දියුණු කිරීමෙන් දෙරටටම ප්‍රත්‍යක්ෂ ආර්ථික ප්‍රතිලාභ අත්වන බවයි මෙහිදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes