General26 July 2026

ත්‍රිකුණාමලය කන්නකිපුරම් රක්ෂිතය අනවසරයෙන් එළි කළ 9ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, කන්නකිපුරම් ප්‍රදේශයේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී ජේසීබී රථයක් ආධාරයෙන් කැලෑව එළි කළ පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, කිලිනොච්චිය අඩවි වන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව ඊයේ (25) අක්කරායන් පොලිස් වසමේ කන්නකිපුරම් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා.

අදාල රක්ෂිත භූමිය තුළට අනවසරයෙන් ඇතුළු වී කැලෑව එළිපෙහෙළි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19 ත් 41 ත් අතර පසුවන සැකකරුවන් නව දෙනෙක් සහ ජේසීබී යන්ත්‍රයක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාල ජේසීබී රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අක්කරායන් පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes