පසුගිය වසරේදී තැපැල් කාර්යාල නවීකරණ ව්‍යාපෘති 206 ක් සඳහා රුපියල් මිලියන 600 ක් වැය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම, විධිමත් හා ජනතා හිතකාමී තැපැල් සේවාවක් ලබාදීමේ අරමුණින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ජනතා අයිතියට පත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, නව තැපැල් කාර්යාල 14 ක් සහ දඹුල්ල ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ඉදිකිරීම් සඳහා තවත් රුපියල් මිලියන 600 ක් ආයෝජනය කර තිබෙන බවයි.
එමෙන්ම, ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588 ක් වැය කර නව රථවාහන ලබාදී ඇති අතර, තැපැල් හා උප තැපැල් කාර්යාල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 74 කට අධික මුදලක් වැය කර පරිගණක, ලැප්ටොප් ඇතුළු නවීන තාක්ෂණික උපකරණ ලබාදී ඇති බවද හෙතෙම පැවසුවා.
තැපැල් සේවාව ලිපි හුවමාරුවට පමණක් සීමා වූ සේවාවක් නොව, ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය මූල්‍ය, සන්නිවේදන හා රාජ්‍ය සේවා පහසුකම් රැසක් සපයන ජනතා කේන්ද්‍රීය සේවා ජාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම සේවාව වඩාත් නවීන, කාර්යක්ෂම හා ජනතාවට සමීප සේවාවක් බවට පත් කිරීම සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරමින් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද කියා සිටියා.
මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගම, නියෝජ්‍ය තැපැල්පති (උතුරු මැද) සංජීව ප්‍රනාන්දු, ගණකාධිකාරී (මුද්දර) රංජිත් මහකුඹුර, පොළොන්නරුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී සුදත් සිරිසේන, ජයන්තිපුර තැපැල් ස්ථානාධිපති කේ.එල්.ඩී. වීරසේන යන මහත්වරුන් ඇතුළු තැපැල් දෙපාර්තමේන්තුවේ හා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටයා.
Latest News
ලොව දීර්ඝතම සහ අඛණ්ඩ ගුවන් ගමන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් විසින් සිදු කරයි
Local
29 July 2026
නව මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට ළඟා වෙයි
Local
29 July 2026
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026